Cc - These are my own article published on Rivira Newspaper tabloid named called "Irunana" (ඉරුණෑන)
Author - Madushka Dias
රතු ග්‍රහයා ගවේශණයට තවත් අදියරක්
Author - Madushka Dias
රතු ග්‍රහයා ගවේශණයට තවත් අදියරක්
විශාලත්වයෙන් පෘතුවියට වඩා කුඩාවූද, පරිපුර්ණ ග්රහයෙකුවිමේ අතර මග සිටින අගහරු ග්රහය කරා එහි ඈතුලත (Mental) සෑදී ඈති ආකරය නීර්ණය හා නිර්‍රක්ශණය කිරීමට
2016 දී අගහරු වෙතට යාමට නව මෙහෙයුමක් දියත් කර ඈති බවට පසු ගිය දින නාසා ආයතනය ප්රකාශනය (NASA) කරන ලදි මෙම මෙහෙයුම මාර්ස් ලෑන්ඩර් (Mars
Lander) ලෙස නම්කර ඇති අතර ඉන්සයිට් (InSight) නමින් හදුන්වන යානයක් මෙයට සූදානම් කරමින් පවති. අගහරුගේ අභයන්තර හරයේ අඩංගු පදාර්ථය ඝනද, ද්රවද යන්න, සහ විභේද රේඛා හා භූ තෑටි ඇත්තේද යන්න තහවුරු කරගැනීම ඔවුන්ගේ එක් අරමුණකි.
තවද 2016 ඩිස්කවරි ව්යාපෘතියේ (Discovery-Class Mission) පෙරගිණුමට ඇතුලත්ව දියත් කිරීමට හැකි එකම ප්රයොජනවත් මෙහෙයුම, ඉන්සයිට් මෙහෙයුම
(InSight Mission) ශක්යතා අධ්යන කමිටුව විසින් ප්රකාශ කරන ලදි. තවද මෙම ඩිස්කවරි ව්යාපෘතියේ විද්යාඥයින්ටයන්ට අඩුම වියදමකින් සෞරග්රහ මණ්ඩලය පිළිබදව ඇති මූලික ප්රශ්න වලට පිලිතුරු සොයගැනීමටද ඉවහල් වන බවද ඔවුන් ප්රකාශ කරන ලදි.
InSight - ඉන්සඉට් යානය විසින් අගහරුගේ කක්ෂයේ
(Orbit) හා මතුපිට සිට ලාබගන්නා නිරීක්ෂණ වලට වඩා අභ්යයන්තර ස්වභාවය හා සංයුතිය පිළිබඳව තොරතුරු රැසක් ලබාගැනීමට මහෝපකාරී වන බවට ඔවුන් ප්රකශ කරන ලදි. එපමනක්නොව රතු ග්රහයා ගැන මනා අවබොධයක් ලබාගැනීමටද, භෞමික ග්රහයන්ගේ ආරම්භය
සහ පරිණාමය පිළිබදව තෙරුම් ගැනීමටද බෙහෙවින් ඉවහල් වේ.

තවද නාසා (NASA) ආයතනය විසින් දියත් කිරීමට මෙහෙයුම් තුනක් යෝජනා වී තිබූ අතර එම මෙහෙයුම් තුනෙන් අඩුම වියදමක් වැයවන්නේ ඉන්සයිට් මෙහෙයුමට බැවින් එය දියත් කිරීමට ඔවුන් තීරනය කර ඈත.
Ref - http://www.nasa.gov
No comments:
Post a Comment